වීසා නොමැතිව කුවේට් සිටි ලාංකිකයින් 30ක් මෙරටට පිටුවහල් කෙරේ

වීසා නොමැතිව, නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ, වීසා නොමැතිව, කුවේට් රාජ්‍යයේ රැඳී සිටිමින්, එරට විවිධ රැකියාවල නිරත වී සිටි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස, එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිරගෙවල් සහ රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා තබා සිටීමෙන් පසුව, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද මැදිහත් වීම මත මෙසේ ආපසු එවා තිබූ බවයි.

මෙම පිරිස කුවේට් රාජ්‍යයේ සිට සාජා නුවර වෙත රැගෙන විත්, එතැන් සිට අද දින අලුයම 04.30 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී. 9 – 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරී විසින්, ඔවුන්ට සිය ගම් – බිම් බලා යාමට අවශ්‍ය මුදල් ලබා දී පිටත් කර හැරීමට පියවර ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10