ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අද (27) රාත්‍රියේ පැවැත්වෙන තීරණාත්මක තරගය ජය ගැනීමට ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමෙන් ලකුණු 228ක ඉලක්කයක් හිමිවුණා.
ලක්නව් නුවර දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පළමු ව පන්දු යැවීම තෝරාගත්තා.
රෝයල්වරුන්ගේ ඇරයුමට සාර්ථක පිළිතුරක් ලබාදෙමින් ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 03ක් පමණක් දැවී සිය කණ්ඩායමට අර්ධ ශතකයක් සහ එක් විශිෂ්ට ශතකයක් ද රැස් කරගැනීමට සමත් වුණා.
නායක රිෂාබ් පාන්ට් පන්දු 54කදී ප්‍රවේගකාරී ශතකයක් වාර්තා කළා.
ඊට හයේ පහර 08ක් සහ හතරේ පහර 11ක් ද ඇතුළත් වුණා.
එමෙන්ම රිෂාබ් පාන්ට් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග ඉතිහාසයේ ලකුණු 3500 සිය පෞද්ගලික ලකුණු ලැයිස්තුව ද තමන් නමින් ලියා ගැනීමට අද සමත් වුණා.
රිෂාබ් පාන්ට් තරගයේ පන්දුවාර 20 අවසන් වන විට පන්දු 61කට දැවැන්ත ලකුණු 118ක් නොදැවී ලබා සිටියා.
මිචෙල් මාර්ෂ් ලකුණු 67 යි.
කඩුලු බිඳ දැමීමේ දී RCB වෙනුවෙන් නුවන් තුෂාර, රොමාරියෝ ෂෙපර්ඩ් හා භුවනෙෂ්වර් කුමාර් එක් කඩුල්ලක් බැගින් බිඳ හෙලුවා.
ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමට ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ තවත් ඉදිරියට ඒමට නම් අද තරගය ලකුණු 228ක් ලබා ජයගත යුතු ම වනවා.





