ගනේමුල්ල සංජීවට වෙඩි තැබූ බවට ඇල්ලූ සමිඳු දිල්ෂාන් හා ඔහුගේ සහායක රියදුරු අද අධිකරණයට

පසුගිය පෙබරවාරි මස 19 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ඝාතනයට ලක් වූ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු යැයි කියන ගනේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු යැයි පැවසෙන සැකකරු සහ ඔහුට පලා යාමට සහාය දුන් සැකකාර රියදුරා ව අද (21) අධිකරණය හමුවට ගෙනැවිත් තිබෙනවා.

අද දහවල් 12ට පමණ ප්‍රධාන වෙඩික්කරු යැයි පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නමැත්තා ව සහ ඔහුට වෑන් රථයකින් පලා යාමට උදව් කළ මහේෂ් සම්පත් ප්‍රියදර්ශන නමැත්තාව කොළඹ අපරාධ කොට්ඨාස විමර්ශන නිලධාරීන් විසින් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ගෙනැවිත් ඇති බවයි අප අධිකරණ වාර්තාකරු තහවුරු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?