හිටපු අමාත්‍ය චන්ද්‍රා බණ්ඩාරට අධිචෝදනා ගොනු කරමින් නඩු

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නමැත්තාව වියළි කලාප අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් එලෙසම නීත්‍යනුකූල නොවන අකාරයට වියළි කලාප ව්‍යාපෘතියේ විවිධ තනතුරුවලට පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවීම ඇතුළු අධි චෝදනා 11ක් යටතේ හිටපු ඇමතිනි චන්ද්‍රා බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරමින් නඩු පවරනු ලැබුවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, 2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතරතුර දී එකී වැරැදි සිදු කිරීමෙන් අල්ලස් පනත යටතේ ගැනෙන දඬුවම් ලැබිය හැකි වැරැදි සිදු කළේ යැයි චෝදනා නගා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?