ආනයනික පළමු ලුණු තොගය හෙට දිවයිනට – ගැසට්ටුවත් නිකුත්වෙයි

ලුණු ආනයනය කිරීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව ආනයන බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව ලබන මස 10 වනදා දක්වා ලුණු ආනයනය කිරීමට හැකියාව පවතිනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බවයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක සඳහන් කළේ.

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා පසුගිය 15 වනදා රැස් වූ කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදෙනු ලැබුවා.

මේ අතර පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් හෙට (21) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?