කොටහේනේ පාසල් සිසුවියගේ සිද්ධියේ විමර්ශනවල ප්‍රගතිය ගැන ජුනි 23 වැනිදා දැනුම්දෙන්න – අධිකරණය

කොටහේන ප්‍රදේශයේ සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් ගුරුවරයා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය ජූනි මස 23 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) පොලිසියට නියෝග කළා.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන එසේ නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකාර සුන්දරලිංගම් සංකරන් නමැති ගුරුවරයා ද අධිකරණයේ පෙනී සිටියා.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ උතුර කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති විසින් මෙහෙයවනු ලබන බව දැනුම් දුන්නා.

සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන අතර එහි ප්‍රගතිය ඉදිරියේදී දැනුම් දෙන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56