මාරවිල වෛද්‍යවරු 8කට කොවිඩ්

මාරවිල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු 8 දෙනෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

අද (17) වනවිට එම රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 31 දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

දැනට එම රෝහලේ වාට්ටු 04ක් වසාදමා ඇති අතර ඇය පැවසුවේ කඩිනමින් එම වාට්ටු ආරම්භ කිරීමට කටයුතු කරන බවය.

මාරවිල මූලික රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලය අතරින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් එම රෝහලේ වාට්ටු 04 ක් සහ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසාදැමීය.

දැඩි සත්කාර ඒකකය, හදිසි අනතුරු වාට්ටු 02 ක් සහ ගැබිනි කාන්තාවන්ට වෙන්කළ වාට්ටු 02 ක් මේ වනවිට වසා දමා ඇත.

මාරවිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙද නිලධාරිනියන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පසුගිය සතියේ වාර්තා විය.

අනතුරුව රෝහලේ කාර්ය මණ්ඩලය පී.සී.ආර්.පරීක්ෂණයන් සඳහා යොමුකිරීමට කටයුතු කර තිබුණි.

ඊයේ (16) පෙරවරුව වනවිට වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත. 

සවස වන විට එම සංඛාව 29 දක්වා ඉහළගොස් තිබුණි.

17 වැනිදා පෙරවරුව වනවිට මාරවිල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 31 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

හඳුනාගෙන ඇති ආසාදිතයින් අතර වෛද්‍යවරුන් 08 දෙනෙකු ද වේ.

එම තත්ත්වය හේතුවෙන් මාරවිල මූලික රෝහලට රැගෙන එන හදිසි රෝගීන් සහ ගැබිණි මව්වරුන් හලාවත මහ රෝහලට මාරු කිරීමට කටයුතු කර ඇත.

මාරවිල මූලික රෝහලේ අනෙකුත් වාට්ටුවල දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ව පී.සී.ආර්.පරීක්ෂණයන් සදහා යොමුකිරීමටද කටයුතු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

මේ අතර හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනයවීම හේතුවෙන් එම තැපැල් කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇත.

ඒ හේතුවෙන් තැපැල් කාර්යාලයේ සේවකයින් 17 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

අදාළ කොවිඩ් ආසාදිත සේවකයින් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින්ට ද කොවිඩ් ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.

ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමුවද හැටන් නගරයේ පිහිටි තැපැල් පියස කාර්යාලය විෂබිජහරණය කිරීමෙන් අනතුරුව විවෘත කිරීමට නියමිතය.

ආශ්‍රිතයින් නොවන සේවකයින් යොදවා එහි කටයුතු සිදු කෙරෙනු ඇත.

මේ අතර පවතින අවදානම සලකා අද (17) දින ගෙවීමට නියමිත වැඩිහිටි දීමනාව අද දිනයේ නොගෙවන ලෙසට තැපැල් ස්ථානාධිපතිවරයාට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06