ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන සොයා බලන්න විශේෂ පොලිස් කමිටුව එයි (වීඩියෝ)

මැයි මස 11 වැනි දින කොත්මලේ, රම්බොඩ – ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බිහිසුණු බස් රථ අනතුර පිළිබඳ ව සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත් කරන ලද විශේෂ කමිටුව අද (13) එම බස් රථ අනතුර සිදු වූ ස්ථානයට පැමිණියා.

අප වාර්තාකරු පැවසුවේ අනතුර සිදු වූ ස්ථානය මෙන් ම බස් රථය පරීක්ෂා කිරීම ද මෙම නිලධාරීන් විසින් සිදු කරන ලද බවයි.

මෙම විශේෂ පොලිස් කමිටුවට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමක් එක් ව සිටිනවා.

බස් රථය පෙරලුණු ස්ථානය නිරීක්ෂණයෙන් පසුව එම කණ්ඩායම අනතුරින් විනාශ වූ බස් රථයේ සුන්බුන් නිරීක්ෂණයට ද කොත්මලේ පොලිස් ස්ථානය වෙත පැමිණියා.

මේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර එහි වාර්තාව වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබාදෙන බවයි වාර්තා වන්නේ.

මෙම ඛේදනීය අනතුරින් දිවි අහිමි වූ ගණන 22ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56