ගැරඬිඇල්ලේ බස් අනතුර ගැන සොයා බලන්න විශේෂ පොලිස් කමිටුව එයි (වීඩියෝ)

මැයි මස 11 වැනි දින කොත්මලේ, රම්බොඩ – ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බිහිසුණු බස් රථ අනතුර පිළිබඳ ව සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත් කරන ලද විශේෂ කමිටුව අද (13) එම බස් රථ අනතුර සිදු වූ ස්ථානයට පැමිණියා.

අප වාර්තාකරු පැවසුවේ අනතුර සිදු වූ ස්ථානය මෙන් ම බස් රථය පරීක්ෂා කිරීම ද මෙම නිලධාරීන් විසින් සිදු කරන ලද බවයි.

මෙම විශේෂ පොලිස් කමිටුවට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමක් එක් ව සිටිනවා.

බස් රථය පෙරලුණු ස්ථානය නිරීක්ෂණයෙන් පසුව එම කණ්ඩායම අනතුරින් විනාශ වූ බස් රථයේ සුන්බුන් නිරීක්ෂණයට ද කොත්මලේ පොලිස් ස්ථානය වෙත පැමිණියා.

මේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර එහි වාර්තාව වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබාදෙන බවයි වාර්තා වන්නේ.

මෙම ඛේදනීය අනතුරින් දිවි අහිමි වූ ගණන 22ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?