වෙසක් පෝයට ලෑස්ති වුණු පුංචි සෙව්ණි මරු තුරුලට අරගෙන ගිය බල්බ් වැල

වෙසක් පොහොයට නිවස ආලෝකමත් කිරීමට සවිකර තිබූ විදුලි බුබුළු වැලක් ස්පර්ශ කළ නව හැවිරිදි දැරියක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (11) පස්වරුවේ මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි සෙව්ණි තක්ෂිලා නැමැති දැරියක්.

විදුලි සැර වැදුණු දැරිය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි මොරගහේන පොලිසිය සඳහන් කළේ.

විදුලි බුබුළු වැලේ සිදුවූ විදුලි කාන්දුවක් හේතුවෙන් දැරියට විදුලි සැර වැදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

නිවසේ ඉදිරිපස සවිකර තිබූ හෝල්ඩරයකින් එම විදුලි බුබුළු වැලට විදුලි සම්බන්ධතාවය ලබාගෙන තිබූ බවත්, නිවසය අර්ත් වයරය කැඩී ගොස් පොළවට සම්බන්ධයක් නොතිබූ බැවින් ක්ෂණිකව විදුලි සම්බන්ධතාවය විසන්ධි නොවී ඇති බව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ සිදුකළ පරික්ෂාවේ දී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය අද (12) දින හෝමාගම හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිදු කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

ජීවිතක්ෂයට පත් වූ දැරියගේ මෘත දේහය හෝමාගම රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
9
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16