නැතිවුණු චරිත්ට යුක්තිය ඉටුකරන්න සියලු සහාය දෙන බව නීතිඥවරු කියයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ චරිත් දිල්ශාන් නැමැති සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය ලබාදුන් ප්‍රකාශ අනුව ඉදිරි නීතිමය කටයුතු සඳහා අවශ්‍ය සියලු සහාය ලබාදෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රචික පළිහවඩන සහ නීතිඥ කල්හාර විජේසිංහ පවසනවා.

බලංගොඩ ප්‍රදේශයේ දී අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරුන් දෙපළ මේ බව සඳහන් කළා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ සහාය ලබාදෙන ලෙස සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔවුන් මෙහිදී සඳහන් කර සිටියේ.

මියගිය චරිත් දිල්ශාන් සිසුවාට සහ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් සාධාරණය ඉටුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඊයේ (02) දිනයේ නවකවදයට මුහුණ දුන් සිසුන් පිරිසක් ඔවුන් මුහුණ පෑ අමිහිරි සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට සමනළවැව පොලිසිය වෙත පැමිණි බවද නීතිඥවරුන් සඳහන් කළා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා පසුගිය 29 වනදා සියදිවි නසාගෙන තිබූ අතර, ඊට හේතුව විශ්ව විද්‍යාලය නවකවදය බවයි මේ වනවිට කරුණු අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36