ජම්මු – කාශ්මීර ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීමට මෝදිගෙන් හමුදාවට උපරිම නිදහස

ජම්මු – කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය හමුදාවට පූර්ණ මෙහෙයුම් නිදහස ලබා දී තිබෙනවා.

NDTV පුවත් වෙබ් අඩවිය වාර්තා කළේ, ජාතික ආරක්ෂාව පිළිබඳ රජයේ ඉහළම තීරණ ගැනීමේ ආයතනය වන අගමැති ප්‍රමුඛ ආරක්ෂක කැබිනට් කමිටුව දින හතකින් දෙවන වරටත් රැස්වීමට දිනකට පෙර මෙම රැස්වීම පවත්වා අදාළ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාවේ හමුදා ප්‍රතිචාරයේ ආකාරය, ඉලක්ක සහ වේලාව තීරණය කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදි සන්නද්ධ හමුදාවන්ට “පූර්ණ නිදහස” ලබා දී ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා.

අගමැති ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන් හමු වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ආරංචි මාර්ග පැවසුවේ, ත්‍රස්තවාදයට දරුණු පහරක් එල්ල කිරීම අපගේ ජාතික අධිෂ්ඨානය බවත්, ඉන්දීය හමුදාව කෙරෙහි තමාට “සම්පූර්ණ විශ්වාසයක් ඇති බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කළ බවයි.

2019 පෙබරවාරි මාසයේ පුල්වාමා ප්‍රහාරයෙන් පසු එවැනි නරකම සිදුවීමක දී, බොහෝ දුරට සිවිල් වැසියන්, 26 දෙනෙකු ඝාතනය කළ ත්‍රස්තවාදීන්ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගන්නා බව අගමැතිගේ පණිවිඩයේ සඳහන් බව ආරංචි මාර්ග පැහැදිලි කළා.

මේ අතර, ආරක්ෂක ආයතන ද පවසා ඇත්තේ පවතින සාක්ෂි නැවතත් පකිස්ථානය දෙසට යොමු වී ඇති බවයි.

ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, චීනය, ජපානය සහ සමහර යුරෝපීය රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින්ට මෙම තොරතුරු පිළිබඳව දැනුවත් කර ඇති බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51