නොසැලකිලිමත් රිය පැදිල්ලෙන් හයදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරේ

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී ත්‍රීරෝද රථයේ ගමන් ගත් හය දෙනෙකු බරපතළ තුවාල ලබා දික් ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; බරපතළ තත්ත්වයේ සිටි පාසල් සිසුවෙකු ඇතුළු තුවාලකරුවන් තිදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බවයි.

ඊයේ (16) රාත්‍රී 07.30ට මෙම අනතුර සිදු ව ඇත්තේ හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික් ඔය නගරයේ දියි.

හැටන් සිට ලෙදන්ටි වතුයාය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයේ රියදුරා අධික ලෙස බීමත්ව සිටි බවත්, අවුරුදු දහතුනක පාසල් සිසුවෙකු ඇතුළු ඔහුගේ මිතුරන් සිව්දෙනෙකු ත්‍රීරෝද රථයේ නංවාගෙන අධික වේගයෙන් ත්‍රීරෝද රථය ධාවනය කරන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මස්කෙළියේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයේ ඉදිරිපස ත්‍රීරෝද රථය ගැටී මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් බස් රථයට සහ ත්‍රීරෝද රථයට ද දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් වාර්තා වනවා.

බස් රථයේ රියදුරා හැටන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?