නොසැලකිලිමත් රිය පැදිල්ලෙන් හයදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරේ

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී ත්‍රීරෝද රථයේ ගමන් ගත් හය දෙනෙකු බරපතළ තුවාල ලබා දික් ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; බරපතළ තත්ත්වයේ සිටි පාසල් සිසුවෙකු ඇතුළු තුවාලකරුවන් තිදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවූ බවයි.

ඊයේ (16) රාත්‍රී 07.30ට මෙම අනතුර සිදු ව ඇත්තේ හැටන් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ දික් ඔය නගරයේ දියි.

හැටන් සිට ලෙදන්ටි වතුයාය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයේ රියදුරා අධික ලෙස බීමත්ව සිටි බවත්, අවුරුදු දහතුනක පාසල් සිසුවෙකු ඇතුළු ඔහුගේ මිතුරන් සිව්දෙනෙකු ත්‍රීරෝද රථයේ නංවාගෙන අධික වේගයෙන් ත්‍රීරෝද රථය ධාවනය කරන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මස්කෙළියේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයේ ඉදිරිපස ත්‍රීරෝද රථය ගැටී මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් බස් රථයට සහ ත්‍රීරෝද රථයට ද දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් වාර්තා වනවා.

බස් රථයේ රියදුරා හැටන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14