කොන්දේසි විරහිත ව ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ පිල්ලෙයාන් දේශප්‍රේමියෙක් – ගම්මන්පිළ (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කෙරෙන හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් මිදී පලාවිත්, ඔවුන්ට එරෙහිව රට වෙනුවෙන් සටන් කිරීම අගය කළ යුතු බවත්, පිල්ලෙයාන් යනු දේශප්‍රේමියෙකු බවත් ඔහුගේ නීතිඥ උදය ගම්මන්පිළ මහතා පවසනවා.

පෙරේදා (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය මත පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට ඔහුගේ නීතිඥ ගම්මන්පිළට හැකි වූ අතර අද (16) දින දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් අදාළ කරුණු සම්බන්ධයෙන් ගම්මන්පිළ මහතා අනාවරණය කරමින් මේ බව කියා සිටියා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට මැතිවරණ සමයේ දී බොරු පොරොන්දු ගණනාවක් දුන් ජනාධිපති ප්‍රමුඛ රජයේ පාර්ශ්වය මේ වනවිට එම පනත උපයෝගී කරගනිමින් අධිකරණය විසින් ගනු ලැබිය යුතු තීන්දු තීරණ ගනිමින් දේශපාලනික පළිගැනීම් හි නිරත වන බවයි ගම්මන්පිළ මහතා චෝදනා කර සිටින්නේ.

තමන්ට පිල්ලෙයාන් සමග සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව නඩු කටයුත්තක් පවතින බැවින් කඩිනමින් මාධ්‍යය වෙත මුදා හැරිය නොහැකි වුව ද, ඉදිරියේ දී පිල්ලෙයාන්ගේ නිදහස වෙනුවෙන් තමන් නඩු ගණනාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව ද නීතිඥ උදය ගම්මන්පිළ මහතා පැවසුවා.

උතුරේ ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරමින් සිටි පිල්ලෙයාන් කොළඹ සිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකුගේ අතුරුදන් වීමක් සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ද ප්‍රකාශ කළ බවයි උදය ගම්මන්පිළ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
26
+1
2
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?