කොන්දේසි විරහිත ව ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ පිල්ලෙයාන් දේශප්‍රේමියෙක් – ගම්මන්පිළ (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා තබා ප්‍රශ්න කෙරෙන හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් මිදී පලාවිත්, ඔවුන්ට එරෙහිව රට වෙනුවෙන් සටන් කිරීම අගය කළ යුතු බවත්, පිල්ලෙයාන් යනු දේශප්‍රේමියෙකු බවත් ඔහුගේ නීතිඥ උදය ගම්මන්පිළ මහතා පවසනවා.

පෙරේදා (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය මත පිල්ලෙයාන් සමග සාකච්ඡා කිරීමට ඔහුගේ නීතිඥ ගම්මන්පිළට හැකි වූ අතර අද (16) දින දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් අදාළ කරුණු සම්බන්ධයෙන් ගම්මන්පිළ මහතා අනාවරණය කරමින් මේ බව කියා සිටියා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට මැතිවරණ සමයේ දී බොරු පොරොන්දු ගණනාවක් දුන් ජනාධිපති ප්‍රමුඛ රජයේ පාර්ශ්වය මේ වනවිට එම පනත උපයෝගී කරගනිමින් අධිකරණය විසින් ගනු ලැබිය යුතු තීන්දු තීරණ ගනිමින් දේශපාලනික පළිගැනීම් හි නිරත වන බවයි ගම්මන්පිළ මහතා චෝදනා කර සිටින්නේ.

තමන්ට පිල්ලෙයාන් සමග සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව නඩු කටයුත්තක් පවතින බැවින් කඩිනමින් මාධ්‍යය වෙත මුදා හැරිය නොහැකි වුව ද, ඉදිරියේ දී පිල්ලෙයාන්ගේ නිදහස වෙනුවෙන් තමන් නඩු ගණනාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව ද නීතිඥ උදය ගම්මන්පිළ මහතා පැවසුවා.

උතුරේ ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරමින් සිටි පිල්ලෙයාන් කොළඹ සිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකුගේ අතුරුදන් වීමක් සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ද ප්‍රකාශ කළ බවයි උදය ගම්මන්පිළ මහතා වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39