අවුරුදු දා දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් සිව්දෙනෙකු මරුට

අලුත් අවුරුදු දිනය යෙදී තිබූ ඊයේ (14) දින සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ රාත්‍රියේ දී මිහින්තලය පොලිස් වසමේ ‘ඒ – 09’ මාර්ගයේ වැල්ලමොරාණ ප්‍රදේශයේ දී ගල්කුලම දෙස සිට මිහින්තලය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුරක් සිදු ව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු හා තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා මිහින්තලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අනුරාධපුර රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා සිටියදී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මරණකරුවන් අවුරුදු 25 සහ 37 වයස්වල පසුවන අනුරාධපුර සහ පළුගස්වැව ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර ඊයේ දහවල් කාලයේ මහවෙල පොලිස් වසමේ අංකන්ද – කවුඩුපැලැල්ල මාර්ගයේ අංකන්ද ප්‍රදේශයේ දී හතමුණගාල දෙස සිට අංකන්ද දෙසට කඳු සහිත මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව පසුපසට ධාවනය වී පෙරළීමෙන් අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් කළ කාන්තාවක්, පිරිමි පුද්ගලයෙකු හා රියදුරු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 71 ක් වූ මඩවල – උල්පත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම උප්පුවේලි පොලිස් වසමේ ත්‍රිකුණාමලය පුත්තලම මාර්ගයේ වල්ගම්වෙහෙර ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ වනඅලියෙකුගේ ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 31 ක් වූ වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47