අවුරුදු දා දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් සිව්දෙනෙකු මරුට

අලුත් අවුරුදු දිනය යෙදී තිබූ ඊයේ (14) දින සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ ඊයේ රාත්‍රියේ දී මිහින්තලය පොලිස් වසමේ ‘ඒ – 09’ මාර්ගයේ වැල්ලමොරාණ ප්‍රදේශයේ දී ගල්කුලම දෙස සිට මිහින්තලය දෙසට ධාවනය වූ කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුරක් සිදු ව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ රියදුරු හා තවත් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා මිහින්තලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා අනුරාධපුර රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා සිටියදී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මරණකරුවන් අවුරුදු 25 සහ 37 වයස්වල පසුවන අනුරාධපුර සහ පළුගස්වැව ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර ඊයේ දහවල් කාලයේ මහවෙල පොලිස් වසමේ අංකන්ද – කවුඩුපැලැල්ල මාර්ගයේ අංකන්ද ප්‍රදේශයේ දී හතමුණගාල දෙස සිට අංකන්ද දෙසට කඳු සහිත මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව පසුපසට ධාවනය වී පෙරළීමෙන් අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ ගමන් කළ කාන්තාවක්, පිරිමි පුද්ගලයෙකු හා රියදුරු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපස අසුනේ ගමන් කළ පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 71 ක් වූ මඩවල – උල්පත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම උප්පුවේලි පොලිස් වසමේ ත්‍රිකුණාමලය පුත්තලම මාර්ගයේ වල්ගම්වෙහෙර ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ වනඅලියෙකුගේ ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 31 ක් වූ වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11

?