ලීග් ක්‍රිකට්වලින් ඉවත් වූ බෲක් IPL තහනම ගැන මුල්වරට හඬ අවදි කරයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සුදු පන්දු නායක හැරී බෲක්; ලීග් ක්‍රිකට් තරගාවලි (ෆ්‍රැන්චයිස් ක්‍රිකට්) සඳහා මින් ඉදිරියට ක්‍රීඩා නොකරන බව නිවේදනය කළා.

එංගලන්ත ක්‍රිකට් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකිරීම සඳහා මෙම තීරණය ගත් බවයි බෲක් සිය තීරණය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ.

මේ අතර හැරී බෲක්ට 2027 වසර දක්වා අයි.පී.එල් තරගාවලි තහනමක් පැනවීමට අයි.පී.එල් සංවිධායකයින් මිට පෙර තීරණය කර තිබුණා.

ඒ, මෙවර තරගාවලිය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඔහුව ඉන්දීය රුපියල් කෝටි 6.2ක මුදලකට මිලදී ගෙන තිබූ මොහොතක තරගාවලියට එක් නොවන බවට දන්වා සිටීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඊට සාධාරණ හේතුවක් බෲක් විසින් ඉදිරිපත් කළ තිබුනේ නැහැ.

ඒ, හේතුවෙන් ඔහුට අයි.පී.එල් තහනමක් පැනවීමටයි මේ ආකාරයෙන් කටයුතු කර තිබුණේ.

මේ අතර මෙම අයි.පී.එල් තහනම පිළිබඳව හැරී බෲක් තම නිහඬතාවය බිඳ දමා තිබෙනවා.

බෲක් ඒ අනුව පවසා ඇත්තේ මෙම තහනම පිළිබඳව ඔවුන් තමන්ව දැනුම්වත් නොකළ බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, “ඔවුන්ගේ නීති රීති අනුව මට තහනම් පැනවීම ගැන සාධාරණයි, නමුත් මම එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා.” යනුවෙන්.

2025 IPL ආරම්භ වීමට පෙර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නව රීතියක් හඳුන්වා දුන් අතර, එහිදී ක්‍රීඩකයෙකු වෙන්දේසියෙන් තෝරා ගැනීමෙන් පසු අවසාන මොහොතේ ඉවත් වුවහොත් වසර දෙකක කාලයක් තරග තහනම් වීමේ අවදානමක් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40