රේබීස් එන්නත් මාත්‍රා මිලියන 3ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය

ජලභීතිකා රෝගය වළක්වා ගැනීම පිණිස ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන රේබීස් එන්නත් මිලිලීටර 0.5/ මිලිලීටර 1න් අක්‍රීය කරන ලද මාත්‍රා මිලියන 3ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය යටතේ ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබෙනවා.

ඒ සඳහා ලංසු 05ක් ලැබී තිබෙන බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අනාවරණය වූයේ.

ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ M/s Gulf Pharma (Pvt) Ltd. (Manufacturer: M/s Chiron Behring Vaccine (Pvt) Ltd., India) වෙත අදාළ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 412.80ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.