රාජ්‍ය සේවයට 18,853ක් බඳවා ගන්න කැබිනට් අනුමැතිය

දේශපාලන බලපෑම්වලින් තොරව කුසලතා සහ සුදුසුකම් මත පමණක් පදනම්ව, රාජ්‍ය අංශය සඳහා බඳවාගැනීම් සිදුකිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වනවා.

කොවිඩ් – 19 වසංගතය සහ මෑතකාලීන ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් සංඛ්‍යාව සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබීමත්, පවතින රාජ්‍ය මූල්‍ය අවකාශයත් සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු 30,000ක් පිරවීම සඳහා 2025 අයවැය තුළින් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා.

රාජ්‍ය සේවයේ විවිධ ආයතනවල කාර්යමණ්ඩල නැවත සමාලෝචනය කර, අත්‍යවශ්‍ය බඳවාගැනීම් සිදුකිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන්.

එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව මේ වන විට රාජ්‍ය සේවයේ නව බඳවාගැනීම් 18,853ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන “2025 අයවැය මඟින් යෝජිත රැකියා විරහිත උපාධිධාරින් සහ තරුණ තරුණියන් 30,000ක් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ වැඩපිළිවෙල” යටතේ නියමිත බඳවාගැනීම් පටිපාටිවලට අනුකූලව අයදුම්පත් කැඳවා එකී බඳවාගැනීම් සිදුකිරීම පිණිස අදාළ අමාත්‍යාංශ විසින් කඩිනමින් පියවර ගත යුතු බවටයි අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01