යුද ප්‍රවීණයින්ට පැනවුණු සම්බාධක ගැන විමසුමට කැබිනට් අනුමැතියෙන් යුත් විශේෂ කමිටුවක් (වීඩියෝ)

මෑතකදී ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු එරෙහිව එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමට ගනු ලැබ ඇති තීරණය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු ව තිබෙනවා.

අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඒ පිළිබඳ ව ප්‍රකාශයක් සිදු කරමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර ගත යුතු ඉදිරි පියවර පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස පහත සංයුතියෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමටත්, එකී කමිටුවේ කාර්යයන් සඳහා අවශ්‍ය යැයි සැලකෙන, අදාළ විෂය පිළිබඳව ප්‍රවීණතාවක් සහිත අන් කවර හෝ නිලධාරි‍යකුගේ/විද්වතකුගේ සේවය ලබා ගැනීම පිණිස කමිටුව වෙත බලය පැවරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද බවයි.

ඒ අනුව එකී විශේෂ කමිටුව සඳහා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යහර්ෂණ නානායක්කාර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන අයවලුන් ඇතුළත්.

පසුගියදා සිවිල් යුද සමයේ දී මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා ලබමින් යුද ප්‍රවීණයින් වන ශවේන්ද්‍ර සිල්වා, වසන්ත කරන්නාගොඩ, ජගත් ජයසූරිය ඇතුළු පිරිසකට එරෙහිව මෙම සම්බාධකය පැනවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13