ෂම්මිට ICCයෙන් එකවර තනතුරු ත්‍රිත්ත්වයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස සිව්වැනි වරටත් පත් වූ ෂම්මි සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ද ප්‍රධාන කමිටු ත්‍රිත්ත්වයකට පත් කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC)
▪︎ මානව සම්පත් සහ වේතන කමිටුව (HR & Remuneration Committee)
▪︎ මූල්‍ය සහ වාණිජ කටයුතු කමිටුව (Finance & Commercial Affairs Committee)
▪︎ නාමයෝජනා කමිටුව (Nominations Committee)

යන තුන් අංශ වෙතයි ෂම්මි ව පත් කර ඇත්තේ.

පසුගියදා (31) ෂම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපති ධුරයට නිතරගයෙන් තේරී පත් වුණා.

ක්‍රිකට් මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී (AGM) ඔහු නැවත තේරී පත් වූ අතර, 2025 සිට 2027 දක්වා වසර දෙකක කාලයක් සඳහා මෙම පත්වීම බලපැවැත්වෙනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 කාලසීමාව සඳහා පහත සඳහන් නිලධාරීන් ද නිතරගයෙන් තේරී පත් ව තිබෙනවා.

උප සභාපති – ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න
ලේකම් – බන්දුල දිසානායක
භාණ්ඩාගාරික – සුජීව ගොඩලියද්ද
සහකාර ලේකම් – ක්‍රිශාන්ත කපුවත්ත
සහකාර භාණ්ඩාගාරික – ලසන්ත වික්‍රමසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
15
+1
1
+1
3
+1
2
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?