රිලවුන් අල්ලා රන්දෙණිගල ජලාශය ආශ්‍රිත දූපතකට අතහැරීමේ සැලසුමක් (වීඩියෝ)

මහනුවර දිස්ත්‍රික්කයේ වගා හානි සිදු කරන රිලවුන් අල්ලා එම සතුන් රන්දෙණිගල ජලාශය ආශ්‍රිත අක්කර 200ක් පමණ වපසරියකින් යුත් දූපතකට මුදා හැරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කර තිබෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසනවා.

අද (28) පෙරවරුවේ මහනුවර දී අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් පහතහේවාහැට මැතිවරණ කොට්ඨාසයේ බරපතළ ආකාරයේ රිලා උවදුරු සහිත ගම්මාන 15ක කෘෂිකර්මයට මෙන් ම ජන ජීවිතයට හානි කරන රිලවුන් අල්ලා මෙම දූපතට මුදා හැරීමට පියවර ගන්නා බවයි.

මේ පිළිබඳ ව වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළා.

”කෘෂිකර්මාන්තය මූලික ජීවන රටාවක් ඇති අප රටේ වන සතුන්ගෙන් වගාවට වන හානිය සුළු පටු නෑ. මේ සම්බන්ධයෙන් අපිට දිගින් දිගටම පැමිණිලි ආවා. ජනතාවගේ මැසිවිලිවලට ඇහුම්කන් දෙන්න වුණා. ඒ අනුව මේ පිළිබඳව ගත හැකි ක්රියා මාර්ග සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සාකච්ඡා කළා. අදාළ පාර්ශ්ව සම්බන්ධ කරගෙන කමිටුවක් පත් කරලා එම වාර්තාව එහෙම නැත්නම් යෝජනාවලිය මහනුවර සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරලා එය ක්‍රියාත්මක කිරීමේ අනුමැතිය ලබා ගත්තා.

මේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය සඳහා අපිට මධ්‍යම පළාත් සභාවෙන් රුපියල් මිලියන 10ක් ලැබිලා තියෙනවා. වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ සඳහා තව මුදල් හොයාගන්න වෙනවා. මේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව අපිට එහි ඇති අඩුපාඩු හඳුනාගෙන අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. මේ සාකච්ඡා සඳහා ප්‍රදේශයේ ගොවි ජනතාව සම්බන්ධ කරගත්තා. ඒ අය කියපු දෙයක් තමයි මේ රිලවුන් දූපත්වලට ගිහිල්ලා දැම්මත් ආහාර හිඟවන විට නැවතත් පිහිනා ගොඩබිමට පැමිණෙන බව. මේ පාර එහෙම වෙන්නේ නෑ. අපි අනිවාර්යයෙන්ම මෙයාලට පිටතට එන්න බැරි වෙන්න දූපත වටා විදුලි වැටක් ස්ථාපිත කරනවා. මේක ලංකාවටම හරියන උත්තරයක් නෙවෙයි. නමුත් මේ ව්‍යාපෘතිය හරහා ඒ ඒ පළාත්වලට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා මේක දිගටම කරනවා. ප්‍රථම වශයෙන් රිලවුන්ගෙන් වන හානි අවම කරන්න තමයි අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මොණරුන්, වල් ඌරන්, දඬු ලේනන්, ඉත්තෑවුන් වැනි සතුන් පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ ඒ සතුන් සඳහා වෙන් වෙන් වශයෙන් ක්‍රමවේද යොදා ගන්න වෙනවා. අපි මෙහිදී කිසිම ආකාරයකින් සතුන්ට හානියක් කරන්නේ නෑ. මේ සම්බන්ධයෙන් සත්වවේදින්, සත්ව හා පරිසර සංවිධාන සමග අපි අදහස් හුවමාරු කරගත්තා. ඉදිරි සති දෙක ඇතුළත මේ වැඩේ ආරම්භ කරනවා. මේ සම්බන්ධයෙන් පත්කළ කමිටුවට වනජීවී දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු තවත් ආයතන රැසක් සම්බන්ධ වෙනවා. මේ ආකාරයේ කටයුත්තක් ලෝකයේ කොහේවත් කරලා නෑ. මේ නියම ව්‍යාපෘතිය සාර්ථක වූ පසු ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරනවා..” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03