දකුණු කොරියාවේ ශීඝ්‍රයෙන් පැතිර යන ළැව්ගිනි ගැන ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

දින කිහිපයක සිට දකුණු කොරියාවේ ශීඝ්‍රයෙන් පැතිර යන ළැව්ගිනි ජාලාව පිළිබඳ ව එරට ශ්‍රමිකයින් වශයෙන් රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම ළැව්ගිනි හේතුවෙන් කිසිදු අනතුරක් ශ්‍රී ලාංකිකයින්ට සිදු ව නොමැති බවයි.

කෙසේවෙතත් කුමන හෝ හේතුවක් මත ළැව්ගිනි පැතිර යන ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

හදිසි අවස්ථාවක දී දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාල අමතන ලෙසත් දැනුම් දී ඇති අතර ඒ සඳහා හදිසි දූරකථන ඇමතුම් අංක ලෙස;

දූරකථන අංක – 2 735 2966, 2 735 2967 හෝ 2 794 2968 ලබා දී තිබෙනවා.

බීබීසී මාධ්‍යයට අනුව දකුණු කොරියානු ළැව්ගින්නෙන් මේ වනවිට එරට පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර වසර 1,300ක් පැරණි විහාරස්ථානයක් ද මෙම ගින්නෙන් විනාශ වී තිබෙනවා.

දකුණු කොරියාවේ සෝල් ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ළැව්ගිනි වේගයෙන් පැතිරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් ගොඩනැගිලි 200කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

තවත් පුද්ගලයින් 27000ක් පමණ අවදානම් සහිත ස්ථානවලින් ඉවත් කරගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.

දකුණු කොරියාවේ ගිනිකොණදිග කලාප 6ක ඇති වූ ළැව්ගිනි හේතුවෙන් අක්කර 43,330ක් ගිනිගෙන ඇති අතර, පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?