වැලිගම වෙඩි තැබීමේ පෙත්සම සලකා බැලීම 26 වැනිදා

2023 වසරේ දෙසැම්බර් මස මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති රීට් පෙත්සම මාර්තු 26 වැනිදා කරුණු සලකා බැලීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය අද (21) දින නියම කළා.

පෙත්සම කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය පැවසුවේ, පෙර නඩු වාරයේ දී අධිකරණයේ පෙත්සම්කාර පාර්ශ්වය සමඟ පැමිණි එකඟතාව ඉදිරියට පවත්වාගෙන යෑමට විරුද්ධ වන බවයි.

එමෙන්ම සැකකරුවන් මේ වනවිට මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට මෝසමක් ගොනු කරමින් භාර වී ඇති නිසා මෙම පෙත්සම පවරා පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නැති බව ද ඇය අවධාරණය කර සිටියා.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා පැවසුවේ, පෙත්සම්කාර කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා තවමත් මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කර නැති බැවින් ඔහු සම්බන්ධයෙන් මීට පෙර දෙපාර්ශ්වය පැමිණ එකඟතාව ඉදිරියට පවරා පවත්වාගෙන යන ලෙසයි.

එමෙන්ම පෙත්සම පවරා පවත්වාගෙන යෑම ගැටලුවක් නොමැති බව අවධාරණය කළ ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා කෙටි දිනයක් තුළ කැඳවන ලෙසයි.

ඒ අනුව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා සම්බන්ධයෙන් අධිකරණයේ මීට පෙර පැමිණි එකඟතාව අනුව කටයුතු කිරීමටත් සෙසු සැකකරුවන් සම්බන්ධ ව එම එකඟතාව ඉදිරියට නොපවත්වාගෙන යන බවත් ප්‍රකාශ කළා.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු 26 කැඳවීමට දින නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?