Empty Ad
AFC Banner
Empty Ad

UPDATE: නාමයෝජනා භාර ගැනීම අවසන් – විරෝධතා ගොනු කිරීමේ කාලයත් නිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාමයෝජනාවලට එරෙහිව විරෝධතා ගොනු කිරීමේ කාලය අවසන් වුණා.

අද (20) පස්වරු 1.30ට එම ක්‍රියාවලිය ද අවසන් වූ බවයි වාර්තා වන්නේ.

UPDATE – 1.30 PM


පළාත් පලාන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය මීට ටික වේලාවකට (20) පෙර (මධ්‍යාහ්න 12ට) අවසන් කෙරුණා.

මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ කිසිම අපේක්ෂකයෙකු අද දහවල් 12න් පසු නාමයෝජනා භාරදීමට පැමිණීම නොකළ යුතු බවයි.

අද උදෑසන 08.30 සිට දවල් 12 වන තෙක් දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාල 25ක් කේන්ද්‍ර කරගනිමින් මෙම නාමයෝජනා භාර දීමේ ක්‍රියාවලිය සිදු වුණා.

එමෙන්ම ඊයේ මධ්‍යාහ්න 12න් පසුව මෙවර පුංචි ඡන්දයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ද අවසන් කෙරුණු අතර දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 3100කට අධික සංඛ්‍යාවක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

ඡන්දයට ඉදිරිපත් කෙරුණු නාමයෝජනාවලට විරෝධතා ගොනු කිරීමේ කාලසීමාව මේ වනවිට ඇරඹී ඇති අතර ඊට පැය එකහමාරක කාලයක් ලබා දී තිබෙනවා.

ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන ඡන්දය පැවැත්වන දිනය ප්‍රකාශයට පත් කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරමින් චැලේන්ජ් කරද්දී මන්ත්‍රීවරුන්ගේ මූණු ටික දැක්කද..?
05:51
Video thumbnail
දේශබන්දුටයි, රාජපක්ෂලටයි වෙන්න යන දේ ඇහුවොත් පුදුම හිතෙයි
04:04
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙදරා යයි - හේෂාගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක්
09:09
Video thumbnail
මනූෂට යකා ආවේෂ වෙයි, දෙසුවා ආය ලොවෙත් නැති වෙන්නම
00:33
Video thumbnail
මනූෂට යක්ෂයා ආවේශ වෙයි, ඇස් උඩ යන්න කියපු කියවිල්ල #election #npp #unp #manusha
06:57
Video thumbnail
නමට නම් දේශබන්දු අන්තිමේදි බන්දු හැංගුනා
04:47
Video thumbnail
අවේග මත ආපු - රැල්ල ඉවරයි - අජිත්ගේන් ආණ්ඩුවට රතු එළියක් #sajithpremadasa #sjb #npp
03:01
Video thumbnail
කළුතර හොල්මන්වෙයි - පියල් පුටුවෙන් යළිත් බලයට #piyalnishantha
04:22
Video thumbnail
සිගරැට් එකක් නිසා - පාර්ලිමේන්තුව ඇවිලෙයි
09:23
Video thumbnail
කැලණිවැලි දුම්රියේ වැදී දෙවියෝ බේරපු රියදුරුගේ ජීවිතය
01:41

?