Empty Ad
AFC Banner
Empty Ad

රුපියල් මිලියන 400ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 33ක් අල්ලයි

හෙරොයින් කිලෝග්‍රෑම් 33කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය (නාකොටික්ස්) විසින් සිදු කරන ලද වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේ දියි.

ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 106ක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (19) මෙම වැටලීම සිදු කෙරුණේ ලැබුණු රහස්‍ය තොරතුරක් මතයි.

සැකකරුගේ මිත්‍රයෙකු වන දැනට විදෙස්ගත ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් සැකකරුට මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවත් ඒවා නිවසේ සඟවා තබාගෙන සිට ඇති බවටත් හෙළි ව තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 400ක් පමණ වන බවත් වාර්තා වනවා.

සැකකරු 42 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?