රුපියල් මිලියන 400ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 33ක් අල්ලයි

හෙරොයින් කිලෝග්‍රෑම් 33කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය (නාකොටික්ස්) විසින් සිදු කරන ලද වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දික්වැල්ල, ඌරුගමුව ප්‍රදේශයේ දියි.

ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 106ක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (19) මෙම වැටලීම සිදු කෙරුණේ ලැබුණු රහස්‍ය තොරතුරක් මතයි.

සැකකරුගේ මිත්‍රයෙකු වන දැනට විදෙස්ගත ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් සැකකරුට මත්ද්‍රව්‍ය ලබා දී ඇති බවත් ඒවා නිවසේ සඟවා තබාගෙන සිට ඇති බවටත් හෙළි ව තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 400ක් පමණ වන බවත් වාර්තා වනවා.

සැකකරු 42 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02