Empty Ad
AFC Banner
Empty Ad

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ආරම්භ කළ වර්ජනය සම්පූර්ණයෙන්ම අසාධාරණයි – සෞඛ්‍ය ඇමති

දැනෙන සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් ලබා දී තිබිය දීත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අද (18) රෝහල්වල දී සිදුකරන වැඩ වර්ජනය කිසිසේත්ම සාධාරණ නොවන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (18) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිදුකරන මෙම වැඩ වර්ජනය සාධාරණ නොවන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.

මේ අතර මෙම අසාධාරණ වැඩ වර්ජනයට සම්බන්ධ නොවී තම රාජකාරිය ඉටුකරනු ලබන සියලුම සෞඛ්‍ය වෘත්තිකයින් ආරක්ෂා කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම තම වෘත්තියේ පවතිය සත්‍ය ගැටළු සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඕනෑම අවස්ථාවක වේලාවක් ලබාදීමට සූදානම් බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

අයවැය මඟින් දීමනා කප්පාදුවට එරෙහිව රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය අද (18) උදෑසන 7.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
00:00
Video thumbnail
පහක් රෝහලට යවපු මින්නේරියේ බිහිසුණු අනතුර - අනතුර සිදු වූ අවස්ථාවේ සජීවී දර්ශන
03:35
Video thumbnail
වයිරල් වූ වීඩියෝව නිසා ආදීවාසී නායක නඩු මගට
01:00
Video thumbnail
සුපිරි තරුවගේ වාහනේ ගිනිබත් කරයි - සජීවී දර්ශන මෙන්න
00:58
Video thumbnail
වයිරල් වූ වීඩියෝව ආදීවාසීන් කළඹයි - පොජ්ජ කියන්නේ මොකක්ද කියලා ඌට තේරෙන්නේ නෑ
05:30
Video thumbnail
පොර කකා නාම යෝජනා ගන්න ආපු මිනිස්සු මහින්දට ආපහු රට භාරදෙන්න සුදානම්
10:15
Video thumbnail
සුපිරි තරුවගේ වාහනේ ගිනිබත් කරයි - සජීවී දර්ශන මෙන්න
06:47
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.17
01:23:31
Video thumbnail
උපාධිධාරීන් පොලිසිය ඉස්සරහා හඬා වැටෙයි
01:00
Video thumbnail
හැංගිමුත්තන් කරන දේශබන්දු ලුණු ඇඹුල් ඇතිව අහගනියි
02:23

?