Empty Ad
AFC Banner
Empty Ad

ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට සැකකරුවන් 08 දෙනෙකු අල්ලයි

පසුගිය 15 වැනි දින අලුයම් කාලයේ දී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ජබොස්ලේන් ප්‍රදේශයේ දුම් රිය මාර්ගය අසල දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙම සැකකරුවන් අටදෙනා ව ඊයේ (16) රාත්‍රී කාලයේ දී වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇති බවයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16ත් 44ත් අතර වයස්වල පසුවන්නන්.

සැකකරුවන් සන්තකයේ තිබී අපරාධයට යොදාගත් බවට සැක කෙරෙන මන්නා වර්ගයේ පිහි දෙකක් සහ ජංගම දූරකථනයක් ද පොලිස් භාරයට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?