ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට සැකකරුවන් 08 දෙනෙකු අල්ලයි

පසුගිය 15 වැනි දින අලුයම් කාලයේ දී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ජබොස්ලේන් ප්‍රදේශයේ දුම් රිය මාර්ගය අසල දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙම සැකකරුවන් අටදෙනා ව ඊයේ (16) රාත්‍රී කාලයේ දී වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16ත් 44ත් අතර වයස්වල පසුවන්නන්.

සැකකරුවන් සන්තකයේ තිබී අපරාධයට යොදාගත් බවට සැක කෙරෙන මන්නා වර්ගයේ පිහි දෙකක් සහ ජංගම දූරකථනයක් ද පොලිස් භාරයට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14