මිදිගම, පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (17) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.
වෙඩි තැබීමෙන් අදාළ නිවසේ ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් එල්ල වී ඇති අතර ජීවිත හානියක් සිදුව නොමැති බවයි වාර්තා වුණේ.
මෙම වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් සොයා විමර්ශන මිදිගම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.
අලුයම 2.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම නිවසේ ව්‍යාපාරික කාන්තාවක් සහ දරුවන් පමණක් රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1