“ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමට වැඩසටහනක්

අදට (15) යෙදී ඇති ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සමාජය තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීමේ වැඩසටහනක් “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යාංශවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

මෙහි දී අදහස් දැක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පෙන්වා දුන්නේ පුරවැසියාට ගුණාත්මක සහ සුරක්ෂිත ආහාර වේලක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන ප්‍රතිපත්ති හා සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවයි.

පාරිභෝගිකයන්ට ගුණාත්මක සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, පාරිභෝගිකයන්ට සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ආහාර ප්‍රමිතිකරණය සහ ගුණාත්මකභාවය සඳහා මෙරට තිබෙන ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික තලයට ගෙන ඒමට “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හරහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික ඉලක්ක සපුරා ගැනීම, නිෂ්පාදන භෝග සුරක්ෂිත කිරීම සහ ගබඩාකරණය සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඒකාබද්ධ කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු වුණා.

ආපනශාලා සහතිකකරණය, වීදි වෙළෙඳුන් නියාමනය, වීදි ආහාර ස්ථාන හා රථ ලියාපදිංචි කිරීම, පුද්ගල පුහුණු ලියාපදිංචිය සම්බන්ධයෙන් දැනට පවතින නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?