“ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමට වැඩසටහනක්

අදට (15) යෙදී ඇති ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සමාජය තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීමේ වැඩසටහනක් “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය සහ කෘෂිකර්ම අමාත්‍යාංශවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

මෙහි දී අදහස් දැක් වූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පෙන්වා දුන්නේ පුරවැසියාට ගුණාත්මක සහ සුරක්ෂිත ආහාර වේලක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන ප්‍රතිපත්ති හා සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවයි.

පාරිභෝගිකයන්ට ගුණාත්මක සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබාගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, පාරිභෝගිකයන්ට සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ආහාර ප්‍රමිතිකරණය සහ ගුණාත්මකභාවය සඳහා මෙරට තිබෙන ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික තලයට ගෙන ඒමට “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හරහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා වුණා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික ඉලක්ක සපුරා ගැනීම, නිෂ්පාදන භෝග සුරක්ෂිත කිරීම සහ ගබඩාකරණය සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ඒකාබද්ධ කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු වුණා.

ආපනශාලා සහතිකකරණය, වීදි වෙළෙඳුන් නියාමනය, වීදි ආහාර ස්ථාන හා රථ ලියාපදිංචි කිරීම, පුද්ගල පුහුණු ලියාපදිංචිය සම්බන්ධයෙන් දැනට පවතින නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

  1. හොඳයි.. බොහොම හොඳයි ඒවගේම ජනාධිපති තුමනි පොලිසිය සහ ආරක්ෂක අංශ සමග මුළු දිවයින පුරා හදිසි සෝදිසි මෙයෙයුම් රටේ තැනින් තැන අතුරු පාරවල් පවා නිතරම අහඹු ලෙස අකණ්ඩ සෝදිසි මෙහෙයුම් කරන්න උපදෙස් දෙන්න.. රට අස්ථාවර කරන්න බොහෝ උන් කැස කවමින් ඔබ‍ට බැහැ කියලා මතයක් ගොඩ නගන්න දරන උත්සාහ වියර්ට් කරන්න පියවර ගන්න ඉක්මනින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14