ඉස්කෝලේ TV ඉස්සූ මුරකරු බඩුත් එක්ක අල්ලයි (වීඩියෝ)

කළුතර – නාගොඩ ගල්ලස්ස ප්‍රාථමික විද්‍යාලයේ පංති කාමර තුනක් බිඳ එහි තිබූ රූපවාහිනි යන්ත්‍ර කිහිපයක් සොරාගත සිද්ධියට එම පාසලේ මුරකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය දකුණ පොලිසියට ඊයේ (10) දිනයේ සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් පසුවයි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ .

ඊයේ (10) උදෑසන පාසල ආරම්භ වීමට පෙර එම පාසලේ පංති කාමර 03ක් ඉතා සූක්ෂම ලෙස කඩා ඇතුළු වී ඇති බවට පාසලේ ගුරුවරුන්ට නිරීක්ෂණය වීමත් සමඟ ඒ පිළිබඳව විදුහල්පතිවරියට මේ බව දැන්වීමට කටයුතු කර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ පාසලේ පංති කාමරවල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා භාවිත කෙරුණු ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රූපවාහිනී යන්ත්‍ර තුනක් සොරාගෙන ඇති බවයි.

කළුතර දකුණ පොලිසිය මෙම සොරකම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක දී එම පාසලේ සේවයකරන මුරකරුගේ කළුතර දකුණ ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී ත්‍රීවිල් රථයක සඟවා තිබූ මෙම රූපවාහිනි යන්ත්‍ර තුන සොයාගැනීමට හැකිව තිබෙනවා.

එම රූපවාහිනී යන්ත්‍ර වෙනත් පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි සැකකරු අනාවරණය කර ඇත්තේ.

අත්අඩංගුවට ගත මුරකරු අද (11) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13