ඉස්කෝලේ TV ඉස්සූ මුරකරු බඩුත් එක්ක අල්ලයි (වීඩියෝ)

කළුතර – නාගොඩ ගල්ලස්ස ප්‍රාථමික විද්‍යාලයේ පංති කාමර තුනක් බිඳ එහි තිබූ රූපවාහිනි යන්ත්‍ර කිහිපයක් සොරාගත සිද්ධියට එම පාසලේ මුරකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය දකුණ පොලිසියට ඊයේ (10) දිනයේ සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් පසුවයි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ .

ඊයේ (10) උදෑසන පාසල ආරම්භ වීමට පෙර එම පාසලේ පංති කාමර 03ක් ඉතා සූක්ෂම ලෙස කඩා ඇතුළු වී ඇති බවට පාසලේ ගුරුවරුන්ට නිරීක්ෂණය වීමත් සමඟ ඒ පිළිබඳව විදුහල්පතිවරියට මේ බව දැන්වීමට කටයුතු කර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ පාසලේ පංති කාමරවල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා භාවිත කෙරුණු ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රූපවාහිනී යන්ත්‍ර තුනක් සොරාගෙන ඇති බවයි.

කළුතර දකුණ පොලිසිය මෙම සොරකම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක දී එම පාසලේ සේවයකරන මුරකරුගේ කළුතර දකුණ ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී ත්‍රීවිල් රථයක සඟවා තිබූ මෙම රූපවාහිනි යන්ත්‍ර තුන සොයාගැනීමට හැකිව තිබෙනවා.

එම රූපවාහිනී යන්ත්‍ර වෙනත් පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි සැකකරු අනාවරණය කර ඇත්තේ.

අත්අඩංගුවට ගත මුරකරු අද (11) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19