AI තාක්ෂණයෙන් හැදූ මහ බැංකු අධිපතිගේ වීඩියෝව ගැන ජනතාවට දැනුම්දීමක්

මහ බැංකු අධිපතිවරයාගේ රුව අනිසි ලෙස භාවිත කරමින් කෘත්‍රිම බුද්ධියෙන් (AI තාක්ෂණය) නිර්මාණය‍ කරන ලද වංචනික වීඩියෝවලින් ප්‍රවේශම්වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා.

මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ රුව අනිසි ලෙස භාවිත කරමින් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වංචනික වීඩියෝ පිළිබඳව දන්වමින් මේ බව දැනුම් දී තිබෙනවා.

මහජනතාව නොමග යවන සුලු මෙම වීඩියෝ මඟින් මහ බැංකුවේ අධිපතිවරයා අසාමාන්‍ය මූල්‍ය ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වන ආයෝජන යෝජනා ක්‍රම අනුමත කරන අයෙකු වශයෙන් ව්‍යාජ ලෙස හඳුන්වා දී තිබෙනවා.

මාර්ගගත මූල්‍ය වංචා පිළිබඳව දැනුමක් නැති පුද්ගලයින් සතු මුදල්, වංචනික ලෙස අත්පත් කර ගැනීමේ අරමුණින් ඔවුන්ව සැක කටයුතු බාහිර පුද්ගලයන් වෙත යොමු කිරීම මෙහි දී සිදුවන බවයි මහ බැංකුව පවසන්නේ.

3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?