ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ලොව හොඳම එක්දින කණ්ඩායම තවදුරටත් ඉන්දියාව යි

ජාත්‍යන්තර එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි සිය ස්ථාන වෙනස් කරගැනීමට පසුගියදා පැවති එක්දින තරගවල දී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඇතැම් පිතිකරුවන්ට අවස්ථාව හිමි ව තිබෙනවා.

මාර්තු මස 04 වැනිදා සිදු කළ ICC යාවත්කාලීන කිරීම් අනුව දකුණු අප්‍රිකාවේ හෙන්රිච් ක්ලාසන් තෙවැනි ස්ථානයටත්, ඉන්දියා විරාට් කෝලි සිව්වැනි ස්ථානයටත් පත් ව ඇති බවයි දක්නට ලැබෙන්නේ.

ශ්‍රියාර්ස් අයියර් ද සිය ස්ථානය ඉහළට ඔසවාගෙන තිබෙනවා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඊබ්‍රහීම් සද්‍රාන් ස්ථාන 13කින් ඉදිරියට පැමිණ 10 වැනි ස්ථානයට පත් ව තිබෙනවා.

එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි තවමත් මුලසුනේ රැඳී සිටින්නේ ඉන්දීය ක්‍රීඩක ශුබ්මන් ගිල් යි.

චැම්පියන්ස් කුසලානයේ අවසන් පූර්ව වටයේ තරගයේ දී ඉන්දියාව හමුවේ පරාජයට පත් වූ ඔස්ට්‍රෙලියාව එම කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කළ ස්ටීවන් ස්මිත්ගේ අවසන් තරගය වුණා.

ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට දී ස්ථාන 06ක් ඉදිරියට එමින් සිය ස්ථානය 16 වැනි ස්ථානය දක්වා පරිවර්තනය කරගැනීමට සමත් ව සිටිනවා.

මේ අතර එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි දකුණු අප්‍රිකානු දඟ පන්දු ක්‍රීඩක කේෂව් මහරාජ් ස්ථාන දෙකකින් ඉදිරියට එමින් සිය ස්ථානය දෙවැනි තැනට පත් කරගෙන තිබෙනවා.

එහි තෙවැනියා බවට පත් ව ඇත්තේ නවසීලන්තයේ මැට් හෙන්රි යි.

එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි පළමු තැන ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණට හිමි ව තිබෙනවා.

මේ අතර මාර්තු 05 වැනි ICCයෙන් එක්දින කණ්ඩායම් සම්බන්ධයෙන් සිදු කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව නොවෙනස් ව ඉන්දීය කණ්ඩායම ලොව හොඳම එක්දින ක්‍රිකට් කණ්ඩායම බවට පත් ව සිටිනවා.

දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවටත් තෙවැනි තැන පකිස්තානයටත් හිමිව ඇති අතර ශ්‍රී ලංකාව පසුවන්නේ සයවැනි ස්ථානයේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
1
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..ආලෝකට ලැබෙන ගෞරවය?
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24