කොළඹ රාජකීය විද්‍යාලයේ මුල් පෙළ පිතිකරුවෙකු වන රෙහාන් පීරිස් දැවැන්ත ලකුණු 158ක් ලබා සිටියදී මීට ටික වේලාවකට පෙර දැවී ගියා.
රෙහාන් අද (06) ආරම්භ වූ ශාන්ත තෝමස්වරුන්ට එරෙහි නිල් මහා සටනේදියි මෙම විශිෂ්ට ශතකය ලබා ගැනීමට සමත් වූයේ.
රෙහාන් පීරිස් මෙම ලකුණු 158ට ලබා ගැනීමට පන්දු 219ක් වැය කළා.
ඊට දැවැන්ත හයේ පහර 05ක් සහ හතරේ පහර 20ක් ද ඇතුළත් වුණා.
16 හැවිරිදි යොවුන් ක්‍රීඩක රෙහාන් පීරිස් අද පාසල් ක්‍රිකට් දිවියේ ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවට ද හිමිකම් කීමටයි සමත් වූයේ.
දකුණත් පිතිකරුවකු වන රෙහාන් තරග 11කට ක්‍රීඩා කර ඇති අතර රාජකීය ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය ද දරනවා.
ඔහු මීට පෙර ලබා තිබුණු වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 103.
146 වැනි රාජකීය – තෝමස් නිල් මහා සටනේ දී පළමු ඉනිම පන්දුවට පහරදීම ආරම්භ කළ රාජකීයන් මේ වනවිට කඩුලු 07ක් දැවී ලකුණු 308ක් ලබා සිටිනවා.
08 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ රාජකීයන් වෙනුවෙන් දිසානායක සමගින් රණුක මලවිආරච්චි යි.
කඩුලු බිඳ දැමීමේ දී ගල්කිස්ස ශාන්ත තෝමස්වරුන් වෙනුවෙන් ඩයස් හා දියගෝ කඩුලු 02ක බැගින් සහ එක් කඩුල්ල බැගින් අමරවීර, ද සිල්වා සහ ගුණවර්ධන විසින් බිඳ හෙලනු ලැබුවා.
තරගය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දියි.