රාජකීය පළමු ඉනිම වර්ණවත් කළ රෙහාන් පීරිස්

කොළඹ රාජකීය විද්‍යාලයේ මුල් පෙළ පිතිකරුවෙකු වන රෙහාන් පීරිස් දැවැන්ත ලකුණු 158ක් ලබා සිටියදී මීට ටික වේලාවකට පෙර දැවී ගියා.

රෙහාන් අද (06) ආරම්භ වූ ශාන්ත තෝමස්වරුන්ට එරෙහි නිල් මහා සටනේදියි මෙම විශිෂ්ට ශතකය ලබා ගැනීමට සමත් වූයේ.

රෙහාන් පීරිස් මෙම ලකුණු 158ට ලබා ගැනීමට පන්දු 219ක් වැය කළා.

ඊට දැවැන්ත හයේ පහර 05ක් සහ හතරේ පහර 20ක් ද ඇතුළත් වුණා.

16 හැවිරිදි යොවුන් ක්‍රීඩක රෙහාන් පීරිස් අද පාසල් ක්‍රිකට් දිවියේ ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවට ද හිමිකම් කීමටයි සමත් වූයේ.

දකුණත් පිතිකරුවකු වන රෙහාන් තරග 11කට ක්‍රීඩා කර ඇති අතර රාජකීය ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය ද දරනවා.

ඔහු මීට පෙර ලබා තිබුණු වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 103.

146 වැනි රාජකීය – තෝමස් නිල් මහා සටනේ දී පළමු ඉනිම පන්දුවට පහරදීම ආරම්භ කළ රාජකීයන් මේ වනවිට කඩුලු 07ක් දැවී ලකුණු 308ක් ලබා සිටිනවා.

08 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ රැඳී සිටින්නේ රාජකීයන් වෙනුවෙන් දිසානායක සමගින් රණුක මලවිආරච්චි යි.

කඩුලු බිඳ දැමීමේ දී ගල්කිස්ස ශාන්ත තෝමස්වරුන් වෙනුවෙන් ඩයස් හා දියගෝ කඩුලු 02ක බැගින් සහ එක් කඩුල්ල බැගින් අමරවීර, ද සිල්වා සහ ගුණවර්ධන විසින් බිඳ හෙලනු ලැබුවා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39