පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාමයෝජනා භාරගැනීමේ දැන්වීම ගැන නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 262 වැනි අධිකාරියේ 26 වැනි වගන්තිය ප්‍රකාරව අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනෙයි මහ නගර සභාව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනාකරි ප්‍රාදේශීය සභාව හා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර දිවයිනේ සෙසු සියලු ම පළාත් පාලන ආයතනවලට නගරාධිපති/ නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපති මෙන් ම සභිකයින් තෝරා පත් කරගැනීමට අදාළ ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාර ගැනීමේ දැන්වීම ගැන මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මාර්තු මස 03 වැනි දින සිට අදාළ සියලු ම පළාත් පාලන ආයතනවල ප්‍රසිද්ධ කර ඇති බවයි.

පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් පළමු නාමයෝජනා පත්‍රයේ හා දෙවැනි නාමයෝජනා පත්‍රයේ නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් ගණන් පළමු හා දෙවන නාමයෝජනා පත්‍රවලට ඇතුළත් විය යුතු අවම තරුණ හා කාන්තා අපේක්ෂකයින් ගණන හා පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් පිළිබඳ ව තොරතුරු අදාළ නාමයෝජනා දැන්වීමේ මෙන් ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2425/70 දරන හා 2025 මාර්තු 01 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ ද පළ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සිය නිවේදනය මගින් දක්වා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.elections.gov.lk හි ද මෙම තොරතුරු ප්‍රසිද්ධ කර ඇති බවයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56