පසුගිය පෙබරවාරි මස 22 වන දින මහවෙල පොලිස් වසමේ මිල්ලවාන, ලූල්කඩ වත්තේ දී වාඩියක් තුළ දී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස කපා කොටා ඝාතනය කර තිබුනේ වයස අවුරුදු 73ක පුද්ගලයෙක්.
මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අදාළ සැකකරු ඊයේ (01) පස්වරුවේ මහවෙල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බධයෙන් මහවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1