Empty Ad
AFC Banner
Empty Ad

අනිද්දායින් පසු රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවේවි – ඛනිජ තෙල් බෙදුම්කරුවන්

අනිද්දා (සඳුදා) දිනයෙන් පසු රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩකඩ පවතින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක පවසනවා.

කෙසේ වෙතත් ඊට පෙර රජය සමඟ සාකච්ඡාකර මතුව ඇති ගැටලුවට විසදුමක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බවයි ඔහු පැවසුවේ.

අද (01) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් උප සභාපතිවරයා මේ බව සඳහන් කළා.

රජයේ කටයුතු අඩපන කර සාමකාමීව පවතවාගෙන යන රජය අපහසුතාවයකට පත් කිරීමට සංගමයක් ලෙස තම තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයට අවශ්‍යතවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

2016 වසරේ සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට ලබාදුන් 3%ක වට්ටම අහෝසි කිරීම තුළින් බෙදුම්කරුවන් දැඩි අර්බුදයකට ලක්වන බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?