ජපානයේ සිට ආනයන කළ වාහන වලින් වාහන 197ක් නිෂ්කාශන කටයුතු සිදු නොකර රඳවා තබා ගැනීමට රේගුව කටයුතු කර ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ යාව ජීව සාමාජික කීර්ති ගුණවර්ධන පවසනවා.
එම වාහනවල නිෂ්පාදන වර්ෂය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් හේතුවෙන් මෙලෙස වම වාහන රඳවා තබා ගැනීමට රේගුව කටයුතු කර ඇති බවයි ඔහු අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.
හම්බන්තොට වරායට ජපානයේ සිට පෙරේදා (27) දිනයේ සේන්දු වූ වාහන නැවේ මෙම වාහන 197 ගෙනාවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි කීර්ති ගුණවර්ධන රජයෙන් ඉල්ලා සිටියේ.
අවසන් වසර 03 තුළ එනම් 2023,2024 සහ 2025 යන වර්ෂයන්වල දී නිෂ්පාදනය කර ඇති රථ වාහන ආනයනය සඳහා රජය මේ වනවිට අවසර ලබා දී තිබෙනවා.