ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කලකට ඉහත දී අවමංගල්‍යයකට සහභාගී වූ ඡායාරූපයක් විකෘති කර එය මාකඳුරේ මධූෂ් නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ අවමංගල්‍යයට අවසන් ගෞරව දැක්වීම බව කියමින් ‘තරංග ලක්මාල්’ නමැත්තෙකු විසින් සිය මුහුණුපොතේ පළ කර ඇති බවට හෙළි ව තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වන විශේෂ විමර්ශනයක් ඉල්ලමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
කිසිදු තහවුරු කිරීමකින් තොරව සහ මූලාශ්‍ර භාවිත කිරීමකින් තොරව ජනාධිපතිවරයාගේ ඡායාරූපය යොදාගනිමින් ව්‍යාජ පුවත් සමාජගත කරමින් ආන්දෝලනාත්මක තත්ත්වයන් ඇති කරවීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර අදාළ ලිපිය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකරි – පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ඊයේ (24) දිනයේ දී යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.