ජනපති රුව විකෘති කර මුහුණුපොතේ පළ කළ අයෙකුට එරෙහිව පොලිසියෙන් විමර්ශනයක් ඉල්ලයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කලකට ඉහත දී අවමංගල්‍යයකට සහභාගී වූ ඡායාරූපයක් විකෘති කර එය මාකඳුරේ මධූෂ් නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ අවමංගල්‍යයට අවසන් ගෞරව දැක්වීම බව කියමින් ‘තරංග ලක්මාල්’ නමැත්තෙකු විසින් සිය මුහුණුපොතේ පළ කර ඇති බවට හෙළි ව තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වන විශේෂ විමර්ශනයක් ඉල්ලමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

කිසිදු තහවුරු කිරීමකින් තොරව සහ මූලාශ්‍ර භාවිත කිරීමකින් තොරව ජනාධිපතිවරයාගේ ඡායාරූපය යොදාගනිමින් ව්‍යාජ පුවත් සමාජගත කරමින් ආන්දෝලනාත්මක තත්ත්වයන් ඇති කරවීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර අදාළ ලිපිය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකරි – පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ඊයේ (24) දිනයේ දී යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
9
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43