ඉවසීමෙන් ක්‍රියා කළ විදුලි පාරිභෝගිකයින්ට ස්තූතියි – බලශක්ති අමාත්‍යාංශය

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලය විසින් කටයුතු කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

අද (14) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ, අනුව මෙතෙක් පැවැති විදුලි කප්පාදුව අවසන් වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

එමෙන්ම එහි ඉතිරි ජනන යන්ත්‍ර දෙක ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් පද්ධතියට එක් කිරීමට නියමිත බවයි ප්‍රකාශ කරන්නේ.

මෙම කාලය තුළ විදුලි පාරිභෝගික ජනතාවට සිදුවූ අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන අතරම, එම කාලය තුළ තත්ත්වය තේරුම්ගෙන ඉවසීමෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විදුලි පාරිභෝගික ජනතාවට බලශක්ති අමාත්‍යාංශය කෘතඥතාවය ද පළකර සිටිනවා.

එමෙන්ම මෙම හදිසි අවස්ථාව තුළ වෙහෙස නොබලා කටයුතු කළ සහ සහයෝගය ලබාදුන් ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යමණ්ඩලය සහ වෘත්තිකයන්ට ද බලශක්ති අමාත්‍යාංශය කෘතඥතාව පළකරන බව සඳහන්.

මේ අතර මෙවන් තත්ත්වයක් රට තුළ ඇති නොවීමට අවශ්‍ය කෙටිකාලීන සහ දීර්ඝ කාලීන පියවර ගෙන ඇති බවත් ඒවා කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?