ඉවසීමෙන් ක්‍රියා කළ විදුලි පාරිභෝගිකයින්ට ස්තූතියි – බලශක්ති අමාත්‍යාංශය

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලය විසින් කටයුතු කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

අද (14) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ, අනුව මෙතෙක් පැවැති විදුලි කප්පාදුව අවසන් වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

එමෙන්ම එහි ඉතිරි ජනන යන්ත්‍ර දෙක ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් පද්ධතියට එක් කිරීමට නියමිත බවයි ප්‍රකාශ කරන්නේ.

මෙම කාලය තුළ විදුලි පාරිභෝගික ජනතාවට සිදුවූ අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන අතරම, එම කාලය තුළ තත්ත්වය තේරුම්ගෙන ඉවසීමෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විදුලි පාරිභෝගික ජනතාවට බලශක්ති අමාත්‍යාංශය කෘතඥතාවය ද පළකර සිටිනවා.

එමෙන්ම මෙම හදිසි අවස්ථාව තුළ වෙහෙස නොබලා කටයුතු කළ සහ සහයෝගය ලබාදුන් ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යමණ්ඩලය සහ වෘත්තිකයන්ට ද බලශක්ති අමාත්‍යාංශය කෘතඥතාව පළකරන බව සඳහන්.

මේ අතර මෙවන් තත්ත්වයක් රට තුළ ඇති නොවීමට අවශ්‍ය කෙටිකාලීන සහ දීර්ඝ කාලීන පියවර ගෙන ඇති බවත් ඒවා කඩිනමින් සිදුකිරීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38