AFC Banner
AFC Banner
Empty Ad

පුංචි ඡන්දය ගැන අධිකරණයේ තීන්දුව අරන් විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද

අද (14) පෙරවරුවේ විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වෙනවා.

එය පෙරවරු 9.30ට ආරම්භ කෙරෙනුයේ කතානායක මොහොමඩ් රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන්.

පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳ ව ප්‍රකාශයට පත් කිරීම අද සිදු කෙරෙනවා.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම දීර්ඝ වශයෙන් ප්‍රමාද වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තරයේ අවවාද කරමින් මීට පෙර ද දැනුම්දුන්නේ වහාම එය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

මේ බව සභා නායකවරයා ද පසුගියදා රැස් වූ පාර්ලිමේන්තු කාරක සභාවේ දී පෙන්වා දුන්නා.

මීට අමතරව අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය විසින් ද මෙම කාරණය සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් කතානායකවරයාගෙන් සිදු කරනු ලැබූ අතර ඒ අනුව ද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් සඳහා කැඳවනු ලැබුවා.

මෙම තීරණය දැනුම්දීමෙන් පසුව එළඹෙන 17 වැනි දා පස්වරු 02 සිට රාත්‍රී 07 තෙක් පුංචි ඡන්දයට අදාළ පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ද ඇරඹීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?