පුංචි ඡන්දය ගැන අධිකරණයේ තීන්දුව අරන් විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද

අද (14) පෙරවරුවේ විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වෙනවා.

එය පෙරවරු 9.30ට ආරම්භ කෙරෙනුයේ කතානායක මොහොමඩ් රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන්.

පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳ ව ප්‍රකාශයට පත් කිරීම අද සිදු කෙරෙනවා.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම දීර්ඝ වශයෙන් ප්‍රමාද වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තරයේ අවවාද කරමින් මීට පෙර ද දැනුම්දුන්නේ වහාම එය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි.

මේ බව සභා නායකවරයා ද පසුගියදා රැස් වූ පාර්ලිමේන්තු කාරක සභාවේ දී පෙන්වා දුන්නා.

මීට අමතරව අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය විසින් ද මෙම කාරණය සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් කතානායකවරයාගෙන් සිදු කරනු ලැබූ අතර ඒ අනුව ද විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් සඳහා කැඳවනු ලැබුවා.

මෙම තීරණය දැනුම්දීමෙන් පසුව එළඹෙන 17 වැනි දා පස්වරු 02 සිට රාත්‍රී 07 තෙක් පුංචි ඡන්දයට අදාළ පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය ද ඇරඹීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18